top of page
aus-lanka-news-logo.png
309828967_199100215815982_5308179336467153162_n.jpg
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

වසර 17 කට පසු Hong Kong Sixes ශූරතාවය ශ්‍රී ලංකාව දිනා ගනී.



Hong Kong Sixes 2024 තරඟාවලියේ අසමසම ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ දී සමත් වුණා.


ඒ අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩුළු 3 කින් පරාජයට පත් කිරීමත් සමඟයි.


Mong Kok හීදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලහිරු මධුශංක පලමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 05යි පන්දු 02ක් අවසානයේ සියලු‍දෙනා දැවි ලකුණු 72ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 05 ක් අවසානයේ කඩුලු‍ 03ක් දැවී ලකුණු 76 ක් ලබා ගනිමින් අවසන් මහා තරගය ජයගත්තා.


ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් මහා තරගයේදී සදුන් වීරක්කොඩි සහ තරිදු රත්නායක විශිෂ්ඨ දක්ෂතා දැක්වීමට සමත් විය.


ඒ අනුව Hong Kong Sixes ක්‍රිකට් ශූරතාව වසර 17 කට පසු දෙවන වරටත් ශ්‍රී ලංකාව දිනා ගත්තා.

コメント


bottom of page