ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ලබාගෙන පාර්ලිමේන්තු මැතිවරණය විශිෂ්ට ජයග්‍රහණයක් ලබයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජාතික ජන බලවේගය (NPP) සන්ධානය ආසන 137 ක් සහ 61.56%ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන මන්ත්‍රීවරුන් 225 කින් යුත් මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය තහවුරු කරගන්නා ලදී
සමස්ත ප්‍රතිඵල වලට අනුව සමගි ජන බලවේගය මුළු ඡන්ද මිලියන 1,968,726 ක්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (NDF) මුළු ඡන්ද 500,835 සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) මුළු ඡන්ද සංඛ්‍යාව 350,429ක් ලබාගෙන ඇත.
සමස්ත ප්‍රතිඵල වලට අනුව, NPP ආසන 141, SJB ආසන 35, NDF ආසන 3, SLPP ආසන 2 සහ ITAK ආසන 6 ලබා ගෙන ඇත.
දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව පැවති පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් රැසකගේ මන්ත්‍රී ආසන අහිමිවී තිබේ. පවිත‍්‍රා වන්නිආරච්චි – රත්නපුර, මනූෂ නානායක්කාර – ගාල්ල, රෝහණ දිසානායක – මාතලේ, අනුර යාපා – කුරුණෑගල, ශාන්ත බණ්ඩාර – කුරුණෑගල, රමේෂ් පතිරණ – ගාල්ල. දිලුම් අමුණුගම – මහනුවර, මහින්ද අමරවීර – හම්බන්තොට, ප්‍රෙමලාල් ජයසේකර – රත්නපුර වැනි ප්‍රබල ඇමතිවරුන්ගේ මන්ත්‍රී ආසන අහිමිව ඇත.
Comments