වාහන ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කරමින් ඊයේ නිකුත් කළ ගැසට් පත්‍රය අදාළ වන්නේ වාහන කාණ්ඩ හතරකට පමණක් බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
මාධ්‍ය අමතමින් එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ ආසන 25 ට වැඩි බස් රථ, ආසන 10 සිට 16 දක්වා මගී ප්‍රවාහන වෑන් රථ, ද්විත්ව කැබ් රථ සහ ලොරි රථ ආනයනය කිරීමට ගැසට් පත්‍රය මඟින් අවසර ලබා දී ඇති බවයි.
අදාළ චක්‍රලේඛය අද හෝ ඉදිරි දිනවලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර, මෙම වාහන ආනයනය කිරීමේ තීරුබදු ව්‍යුහයන් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බව ප්‍රසාද් මානගේ මහතා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් පුද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීමේදී ගැසට් පත්‍රය අදාළ නොවන බව පැහැදිළි කළ ඔහු එම නිවේදනය නුදුරේදීම සිදුකරන බවට විශ්වාසය පළ කළේය.
අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් 1969 අංක 1 දරන ආනයන අපනයන (පාලන) පනත යටතේ නව රෙගුලාසි ඊයේ නිකුත් කරන ලදී.
2025 අංක 01 දරණ ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි ලෙස දක්වා ඇති රෙගුලාසි, මෝටර් රථ ආනයනය සඳහා වන තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීමට පහසුකම් සැලසීම අරමුණු කරයි.
Comments