දිනකට විදේශ ගමන් බලපත්‍ර 2500ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
මීට පෙර දිනකට නිකුත් කළේ විදේශ ගමන් බලපත්‍ර 1200ක් පමණක් බව අමාත්‍ය විජේපාල මහතා පැවසීය.
හදිසි විදේශගත වීමට අවශ්‍ය ඕනෑම අයෙකුට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වෙනම කවුළුවක් විවෘත කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
එම කවුන්ටරයට ඉදිරිපත් කරන අයදුම්පත් කමිටුවක් මගින් සලකා බලා හැකි ඉක්මනින් විදේශ ගමන් බලපත්‍ර ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය විජේපාල මහතා පැවසීය.
Comentários