top of page
aus-lanka-news-logo.png
309828967_199100215815982_5308179336467153162_n.jpg
2.png
Volvo_EX30_SA_300x250-1.jpg
Screen Shot 2024-08-17 at 4.35.53 pm.png

Sri Lankan Airlines මෙල්බර්න් ගුවන් තොටුපලෙහි සේවාවන් සඳහා DNATA තෝරා ගැනේ...

  • admin928749
  • 1 day ago
  • 1 min read

AusNewsLanka - News for Sri Lankans - Dnata awarded Melbourne Airport ground handling services contract
This is a developing story brought to you by Aus News Lanka, your trusted source for news for Sri Lankans in Australia and beyond.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගොඩබිම් හැසිරවීමේ සේවා සම්බන්ධ කොන්ත්‍රාත්තුව AUD 13,124,402 ක මුදලකට Dnata Airport Services Pty Limited වෙත ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.


රජයට අනුව, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළේ බිම් හැසිරවීමේ සේවා සැපයීම සඳහා දැනට පවතින කොන්ත්‍රාත්තුව 2025 ජුනි 30 දිනෙන් අවසන් වීමට නියමිතය.


එබැවින් ඉදිරි වසර 03 සඳහා බිම් හැසිරවීමේ සේවා සපයන්නෙකු තෝරා ගැනීම සඳහා සීමිත ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා ඇත.


ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ලංසු හතර (04) සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අදාළ කොන්ත්‍රාත්තුව Dnata Airport Services Pty Limited වෙත ලබා දීමට නිර්දේශ කර ඇත.


ඒ අනුව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළේදී ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා මගී, ගොඩබිම් සහ භාණ්ඩ හැසිරවීම ඇතුළු බිම් හැසිරවීමේ සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව Dnata Airport Services Pty Limited වෙත ලබාදීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.


Stay tuned with Aus News Lanka – the leading platform for news for Sri Lankans.

Comments


bottom of page