‘පිරිසිදු ශ්‍රී ලංකා’ අරමුදලක් පිහිටුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ අරමුදලේ කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට ද අනුමැතිය හිමි වූ බවයි.
එම යෝජනාවට අනුව ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන අතර එම ප්‍රතිපාදන පරිපාලන මණ්ඩලය භාරව කටයුතු කරන බවද ඔහු පැවසීය.
Comments