දෙසැම්බර් මාසයේ මුල් දින 10 ඇතුළත සංචාරකයින් 70,000ක් මෙරටට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික පරාක්‍රමසිංහ මහතා පැවසුවේ දෙසැම්බර් මාසය අවසන් වන විට ආසන්න වශයෙන් සංචාරකයින් ලක්ෂ දෙකක් පමණ මෙරටට පැමිණීමට අපේක්ෂා කරන බවයි.
වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවලින්.
මේ වසරේ මේ දක්වා සංචාරකයින් ලක්ෂ 19කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව ද සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.
වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 22ක් පමණ පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව පරාක්‍රමසිංහ මහතා පවසයි.
Kommentare